Paks marches with trophy

පාකිස්තානුවෝ ශූරතාවය රැගෙන යයි

2017 ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය  කිරීමට පකිස්ථානය සමත්විය. ඒ ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 180 කින් ජයග්‍රහණය කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 338 ක් රැස් කළේය. ෆකාර් සමන් 114 යි. පන්දු 106 කින් ලබාගත් එම ලකුණු 114 ට හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය. අසාර් අලි 59 යි. මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 57 ක් රැස් කරන ලද්දේ පන්දු 37 කිනි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 30 යි පන්දු 3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 158ක් පමණි. රෝහිත් ශර්මා කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත් විය. නායක විරාත් කෝලි ලකුණු 5 යි. මහේන්ද්‍ර  සිං ධෝනි ලකුණු 4 ක් ලබා සිටියදී දැවී ගියේය. යුවරාජ් සිං ලකුණු 22 ක් සහ ශිකර් ධවාන් ලකුණු 21 ක් ලබාගත්තේය.

තරගාවලියේ වීරයා සම්මානය තරගාවලිය පුරා කඩුළු 13ක් ලබාගත් පාකිස්තානයේ හසන් අලිට හිමිවිය.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්