8 SLFP deputy ministers are holding a secret discussion with MR

ශ්‍රීලනිපයේ නියෝජ්‍ය ඇමතිවරු 8 ක් මහින්ද සමග රහස් සාකච්ඡාවක


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් අට දෙනෙකු ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසණු බව වාර්තාවේ.

එහිදී එම නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉදිරි දේශපාලන තීරණ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇත. එළඹෙන අගෝස්තු මාසයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවති අවබෝධතා ගිවිසුම අවසන්වීමට නියමිතය. 
ඉන් අනතුරුව ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 18 දෙනෙකු සූදානමින් සිටින බවට ඉකුත්දා වාර්තා පළවිය. 
ඊයේ හිටපු ජනාධිපතිවරයා මුණගැසී ඇත්තේ එලෙස ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් බව ද වාර්තාවේ.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි