Another ban for cigarattes


දුම්වැටි වලට තවත් තහනමක්



බෝ නොවන රෝග මෙරට ජනතාවට විශාල තර්ජනයක් එල්ල කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
අධික රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව, පිළිකා සහ ඇඳුම බෝ නොවන රෝග ගනයට ඇතුළත්ය.දැනට රෝහල්වලට ඇතුලත් කරන රෝගීන්ගෙන් සියයට 71 ක් මිය යන්නේ බෝ නොවන රෝගවලිනි.

ඒ අනුව දුම්කොළ භාවිතය පාලනය කිරිම ද ඉතාම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
දුම්බීම අවම කිරිම සඳහා ක්‍රියාමාර්ග රැසක් තමා මේ වන විට ආරම්භ කර ඇති අතර එම ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්බීම සියයට 46 කින් අඩු වී ඇත.එම ක්‍රියාමාර්ග ගත්තේ විවිධ තර්ජන මත බව ද තමාට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි දුම්කොළ බදුවලින් රජයට ලැබෙන ආදායම සැළකිය යුතු ලෙස අඩු වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එය රජය ලැබූ ජයග්‍රහණයක් බවත්  පාසල් අවට මීටර් 500 ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරන ලදී.එමගින් දරුවන්ගේ ආරක්ෂාව යම්තාක් දුරට තහවුරු වෙන බව ද පෙන්වා ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්