පළමු ටෙස්ට් තරගය හෙට කොළඹ දී


The first test match in Colombo tomorrow

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෙට (14) ආරම්භ වන ටෙස්ට් තරගයට ඉහළ මානසිකත්වයකින් යුතුව මුහුණදීමට සූදානම් බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසයි. සියලූම ක‍්‍රීඩකයින් ඒ සඳහා ඉහළ සූදානමකින් යුතුව පෙර පුහුණුවීම්වල නිරත වූ බවයි ශ‍්‍රී ලංකා නායකයා කියා සිටියේ. සිම්බාබ්වේ පිතිකරුවන් මෙල්ල කිරීමට යොදා ගන්නා උපක‍්‍රමයක් පිළිබඳව ද ඔහු අද පැවති මාධ්‍ය හමුවක දී කරුණු ප්‍රකාශ කරන ලදී.  

"ඒ කණ්ඩායම අඩු තක්සේරුවට ගන්නේ නැහැ. දැන් අපට ටෙස්ට් සංචිතයට පලපුරුදු රංගන හේරත් දිල්රුවන් පෙරේරා ඉන්නව අපි ලඟ හොඳ තුරුම්පු දෙකක් ඉන්නව. ලේසියෙන් ඔවුන්ට ඔවුන්ගෙ තරඟ රටාවට යන්න දෙන්නේ නැහැ"
දෙරට අතර මේවනවිට ටෙස්ට් තරග 17ක් පවත්වා අැති අතර ඉන් 12ක් ශ්‍රී ලංකාව ජයගෙන අැත. තරග පහක් ජය පැරදුමෙන් තොරව අවසන්ව අැත.
මේ අතර හෙට තරගය කොළඹ අාර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර එහි ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර හතරකට පසුවීම ද විශේෂත්වයකි. 
මේ වනවිට ශ්‍රී ලංකාව ලකුණු 2836ක් ලබා ටෙස්ට් වර්ගීකරණයේ හත්වන ස්ථානයේ පසුවන අතර සිම්බාබ්වේ පිල 1171 ලබාගනිමින් 10(අවසන්) ස්ථානයේ පසුවේ.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි