ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයෙහි නව ජනපති රාම් නාත් කෝවින්ද්


Ram Nath Kovind, the new president of india



ඉන්දියාවේ පැවති ඡන්ද විමසීමෙන් එරට නව ජනාධිපතිවරයා ලෙස රාම් නාත් කෝවින්ද් මහතා පත්ව තිබේ.


ඡන්ද විද්‍යාල ක්‍රමයට පැවැත්වෙන එරට ජනාධිපතිවරයා තෝරාගැනීමේ ක්‍රමවේදයෙන් තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගනිමින් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට හෙතෙම සමත්ව ඇති බව ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.

ඒ අනුව රාම් නාත් කෝවින්ද් ඉන්දියාවේ 14වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව ඇති අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් ට්විටර් පණිවිඩයක් මගින් ඔහුට සුභාශිංසන එක් කොට අැත.

 රාම් නාත් කෝවින්ද් මහතා 1945 ඔක්තෝබර් මස පළමු දින උපත ලබා අැති අතර 1994 - 2006 කාලයේ දී ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙකු ලෙසත් 2015 - 2017 කාලයේ දී බිහාර් ප්‍රාන්ත අාණ්ඩුකාරවරයා ලෙසත් කටයුතු කර අැත.

ප්‍රනාභ් මුඛර්ජි මහතා ගේ අනුප්‍රාප්තිකයා ලෙස තනතුරට පත්වන ඔහු භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරයි. 

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි