ශිවාජිලිංගම් සී අයි ඩි යට; කොළඹ එන්න බෑ කියයි.


Shivajilingam to CID




බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ මුල්ලිවායික්කාල් දිනය ගැන කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැඳවා තිබේ.

තමාට අද (21) දින උදෑසන 11.30ට පමණ රහස් පොලීසියෙන් ඇමතුමක් ලැබුණු බවත්, පැමිණිලි විභාගය සඳහා හෙට (22) පැමිණ  ප්‍රකාශයක් ලබා දෙන්නැයි දැනුම් දුන් බවත් සිවාජිලිංගම් මහතා පැවසීය.

තමන්ට කොළඹට පැමිණිය නොහැකි බැවින් තමන් හෙට දිනයේ  වැල්වැටිතුරෙයි පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දිය හැකි බව තමන් එම නිලධාරීන් වෙත දැනුම් දුන් බව සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලතිව් සංචාරයකට තර්ජනාත්මකවත්,බෞද්ධ හිමිනමකට නිගරු වන ආකාරයටත්, මුල්ලිවායික්කාල් සැමරුම සම්බන්ධයෙනුත් යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කළ බව කියන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට අනුව මෙලෙස  ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත  කැඳවා තිබේ.

ඔහුට කොළ ඹට පැමිණීමට අැති නොහැකියාව කුමක්දැයි සොයා බැලිය යුතු කරුණකි. නීතිය සැමට සාධාරණ නම් ඔහුට පමණක් විශේෂයක් සිදුවිය නොහැකිය.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි