වෛද්‍යවරු නැවතත් වර්ජනයේ


Doctors again on strike


සිය ඉල්ලීම්වලට හෙට(24) දිනය තුළ විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් අනිද්දා(25) දිනයේ දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද(23) පැවති සිය සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙම තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

සුදු වෑන් රථයකින් පැමිණ රයන් ජයලත් සිසුවා පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධියේ සියලු තොරතුරු අනාවරණය කිරීම, ඒ සඳහා පැමිණි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, එම සිද්ධිය පිළිබඳ බලධාරීන් ජාතියෙන් සමාව ගැනීම සහ විවිධ චෝදනා නගමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සියලු විශ්ව විද්‍යාල සිසුන් හෙට දිනය වන විට නිදහස් කිරීම, එම සංගමයේ ඉල්ලීම් වනවා.

මීට අමතරව වෛද්‍ය සභාවට පිළිගත හැකි සභාපතිවරයෙකු පත් කිරීම, වෛද්‍ය අධ්‍ය්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීමට අදාළ අවසන් තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීම, සයිටම් ආයතනය සඳහා සිසුන් බඳවා ගැනීම නතර කිරීම හා උපාධි ප්‍රදානය නතර කිරීමට අදාළ නීතිමය ලියවිල්ලක් ප්‍රකාශයට පත් කිරීම යන ඉල්ලීම් ඉටුවන බවට ලිඛිත පොරොන්දුවක් ද හෙට දිනය තුළ ලබාදිය යුතු බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මෙම සියලු ඉල්ලීම් හෙට දිනය තුළ සම්පූර්ණ කිරීමට බලධාරීන් අපොහොසත් වුවහොත් අනිද්දා පෙරවරු 8 සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක නිරත වීමට සිය සංගමය තීරණය කළ බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි