සිංහයන් කබලෙන් ලිපට

Lions at high risk




ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය අතරතුරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක අසේල ගුණරත්නට සති හතරක කාලයක් සඳහා විවේක ගැනීමට නිර්දේශ කර ඇති බව එම කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැවසයි.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාංගණයේදී අද අසේල ගුණරත්න සිය වම් මාපට ඇගිල්ල අනතුරට ලක්ව තිබේ. 
අනතුරින් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා ඔහු කොළඹට රැගෙන විත් ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරගයක දිනක් තුළ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කරමින් කඩුළු 3කට ලකුණු 399ක් ලබා ප්‍රභල ස්ථානයක පසුවෙයි. 
ශිඛර් ධවාන් 190
පුජාරා  නොදැවී 144

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි