මීළග ජනපති ගෝඨා


Next President Gota




ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මෙලෙස කරුණු දැක්වන ලදී.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "රනිල් වික්‍රමසිංහ මහත්තයා 2019 ජනාධිපතිවරයා වෙන්නයි උත්සහ කරන්නේ. මේකට හොඳම සුදුස්සා අපි දානවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පූර්ණ ආශිර්වාදයෙන්.. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ. රනිල් වික්‍රමසිංහට විරුද්ධව නියම පුද්ගලයා තමයි ඔහු. මගේ පෞද්ගලික මතය ගැන මම කතා කළේ.. පාර්ලිමේන්තුවේ බහුතරයකුත් ඉන්නේ..රටේ බහුතරයකුත් ඉන්නේ ඔහුත් එක්කයි." යනුවෙනි.
නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවස්ථා ගණනවක දී තමන් දේශපාලකයෙකු නොවන බවත් මැතිවරණයකට ඉදිරිපත් ෙනාවන බවත් මාධ්‍ය ඉදිරියේ අවධාරණය කර අැත. නමුත් දේශපාලනයේ සදාකාලික සතුරන් මිතුරන් නැතිවා මෙන්ම සදාකාලික ස්ථිර වචන ද නොමැති බව ජනතාව මතකයේ තබාගත යුතු කරුණකි.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි