මහාධිකරණ විනිසුරු වැදවැටෙයි


The High Court Judge is Sensitive



තමන් වෙනුවෙන් සිය ජීවිතය දෙවැනි කොට ඉදිරියට පැමිණි පොලිස් නිලධාරියා මරණයට පත්වූ බව ආරංචි වීමෙන් පසු යාපනය මහාධිකරණ විනිසුරු දැඩි සංවේගයට පත්විය.

එම පොලිස් නිලධාරියාගේ බිරිඳ ඉදිරියේ දී යාපනයේ මහාධිකරණ විනිසුරු මෙලෙස වඩාත් සංවේදී විය.
යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් ඉලක්ක කර ගනිමින් ඊයේ (22) නල්ලුර් ප්‍රදේශයේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මෙම පොලිස් නිලධාරිය තුවාල ලැබූ අතර අද (23) අලූයම 2.30 ට පමණ අදාළ පොලිස් නිලධාරියා මියගියේය.
මියගිය පොලිස් සැරයන්වරයා

වෙඩි ප‍්‍රහාරයෙන් ඔහුගේ උදර ප‍්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදුව තිබුණි. යාපනය, නල්ලූර් ප‍්‍රදේශයේදි ඊයේ සිදුවූ වෙඩි වැදීමෙන් මියගිය පොලිස් සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද උදැසන සිදු කෙරුණු අතර එහිදී අනාවරණ වී ඇත්තේ උදර ප‍්‍රදේශයට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් සිරුර අභ්‍යන්තරයට රුධිරය වහනයවීම නිසා මරණය සිදුවී ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්. ඔහු යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන්ගේ ආරක්‍ෂාව සදහා අනියුක්ත කර තිබුණි.
මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරීම තරයේ හෙළා දකින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශී‍්‍ර විමලධම්ම හිමියන් පවසයි. මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියාසිටියහ. මේ රටේ නීතිය ආරක්ෂා කර ගැනීමට සියලු නිලධාරීන් කටයුතු කළ යුතු බවත් ඊට බලපෑම් ඇතිවන ආකාරයේ ක්‍රියා සිදු නොවීමට වගබලා ගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළහ.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි