කමල් හසන් ගේ දියණිය බුදු දහමට

Kamal Hassan's daughter breathes Buddhism


දකුණු ඉන්දීය සුපිරි සිනමා නළු කමල් හසන්ගේ දෙවෙනි දියණිය අක්ෂරා සිය පියා සහ වැඩිමහල් සොහොයුරිය ශෘති අනුගමනය කරමින් සිනමාවට එක්විය.
අක්ෂරා සිනමාවට පා තබන්නේ විවේගම් චිත‍්‍රපටය හරහාය. එහිදි ඇය සමග ප‍්‍රධාන චරිතයට රංගනයෙන් එක්වන්නේ තවත් ජනප්‍රීය නළුවෙකු වන අජිත්.

කෙසේ වෙතත් පසුගිය දිනක පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අක්ෂරා අපූරූ දෙයක් හෙළිකරලා තිබුණි. ඒ ඇය බුදු දහම වැළද ගත් බවයි. විශේෂයෙන් බුදුදහමේ ඉගැන්වීම් ඇය බොහෝම ශ්‍රද්ධාවෙන් අනුගමනය කරන බව ද ප්‍රකාශ කර තිබුණි.
අක්ෂරා බුදු දහම වැළද ගැනීම සම්බන්ධව ඇගේ පියා කමල් හසන්ගේ ප්‍රතිචාරය නම් මෙතෙක් මාධ්‍යයට හෙළිව නැත.
අක්ෂරාගේ විවේගම් චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීම ආරම්භ වීමට නියමිතයි.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි