දඹුලු විහාරය වහන්නේ නෑ; සාකච්ඡා ඉතාම සුහදව


Related image

Dambulu Viharaya does not close

දඹුලු විහාරයේ සංරක්ෂණ කටයුතු සිදුකිරීමේදී විහාරාධිපති භාරකාර හිමිවරුන්ගේ අධීක්ෂණයෙන් සිදුවිය යුතු බවට හිමිවරුන් හා පුරාවිද්‍යා නිලධාරීන් අතර එකඟතාවක් ඇතිකරගෙන තිබේ.

අස්ගිරි මහා විහාරයේ පැවති සාක්ච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාව ඇතිවූ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී, පූජ්‍ය මැදගොඩ ධම්මානන්ද හිමියන් පවසයි.


රජයේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවති මෙම සාකච්ඡාවේදී දඹුලු විහාරස්ථානය වසාදමන බවට පළවූ ප්‍රකාශ සත්‍යයෙන් තොර බවට කරුණු දැක්වුණු බවත්, විහාරස්ථානයේ සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන අවධියේ පවා බැතිමතුන්ට පුද පූජා පැවැත්වීමට හැකියාව පවතින බව උන්වහන්සේ සඳහන් කළේය.

මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවත්, දඹුලු විහාරයේ මුදල් අය කිරීම් සිදුකිරීමේදී බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අධීක්ෂණය යටතේ එය සිදුකිරීමට එකඟවූ බවත් ධම්මානන්ද හිමියන් කියා සිටියේය.

දඹුලු විහාරය, ලෝක උරුමයක් ලෙස පැවතීම හෝ නොපැවතීම හෝ අවදානම් සහගත තත්ත්වයන් කෙරෙහි අවධානය යොමුකිරීම තම කාර්යයක් නොවන බවත්, බෞද්ධ උරුමය අනුව කටයුතු  කිරීම තම පිළිවෙත බවත් පෙන්වා දුන් උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම රජයේ වගකීමක් බැව් අවධාරණය කළේය.

 අමාත්‍යවරයා සහ රජය සමග සුහදව සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, මෙවන් අවස්ථාවකදී රාජ්‍ය වශයෙන් මිසක දේශපාලන අරමුණු සමග කටයුතු නොකළ යුතු බවත් උන්වහන්සේ කියා සිටියේය.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි