විද්‍යා ඝාතනයට විජයකලා ගේ සම්බන්ධයක්?


Vijayakala's connection to Vidya's murder?


යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට තමන්ගේ නමද ඈඳා ඇතැයි කිසිඳු නිල දැනුම් දීමක් මේ දක්වා නොලැබුණු බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසයි. අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් බැවින් ඊට අදාළව කිසිඳු ප‍්‍රතිචාරයක් ද දැක්විය නොහැකි බවයි ඇය කියා සිටියාය. 

විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් ද ප‍්‍රකාශයක් ලබා ගන්නැයි කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. ඒ, එම අපරාධය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ නීතිඥවරුන් අධිකරණයේ දී කළ ප‍්‍රකාශයක් සැලකිල්ලට ගනිමින්.
විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරු වන සුවිස් කුමාර් නමැත්තාට පොලිසිය මගහැර සිටීමට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් උදව් දී ඇති බවයි එහිදී ප‍්‍රකාශ වී ඇත.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්