නොරෙච්චෝලේ නැවත අඩාලයි


Norachcholai breakdown again



නොරෙච්චෝලේ තාප විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රිය වී අැත. 

හුමාලය රැගෙන යන නළ පද්ධතියේ පවතින දෝෂයක් හේතුවෙන් ජනන යන්ත්‍රයේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් ඇණහිට ඇති බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.
මෙම ජනන යන්ත‍්‍රය නැවත සක‍්‍රීය කර ජාතික පද්ධතියට එක් කිරීමට දින පහක් පමණ ගතවනු ඇතැයි ඔහු පවසයි. කුමන අභියෝග පැමිණියත් රට පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් තවදුරටත් පවත්වාගෙන යන බව ද මෙහිදී ප‍්‍රකාශ වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. 
පවතින බලශක්ති අභියෝගය ජය ගැනීම සදහා විදුලි පාරිභෝගිකයින්ගේ ද සහය අපේක්ෂා කරන බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරන ලදී. ඒ අනුව විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි නැවත ඉල්ලීමක් ද සිදුකරන ලදී. 
නොරෙච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් මෙගාවොට් 900ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලි බල සැපයුමට එක්කරයි. 

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි