සීගිරි කෞතුකාගාරයත් විනාශයි.


The Sigiriya Museum too is finished



සීගිරිය කෞතුකාගාරයේ වායුසමීකරණ පද්ධතිය අක්‍රීයවීම හේතුවෙන් එහි තිබෙන ඇතැම් භාණ්ඩ විනාශවීමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තාවේ.

එහි නිලධාරියෙකු සඳහන් කළේ වසර දෙකකට ආසන්න කාලයක සිට එම කෞතුකාගාරයේ වායුසමීකරණ පද්ධතිය අක්‍රීය වී ඇති බවයි. පුරාවිද්‍යා භාණ්ඩවලට අවශ්‍ය උෂ්ණත්වය ලබාදීමට වායුසමීකරණ ක්‍රීයාත්මක කිරීම අත්‍යාවශ්‍යවේ. එසේ නොකළහොත් ඇතැම් ඉපැරණි භාණ්ඩවලට හානි සිදුවේ. 
වායුසමීකරණ පද්ධතිය ක්‍රීයාවිරහිතවීම හේතුවෙන් එහි සේවය කරන කාර්ය මණ්ඩලය ද අපහසුතාවට පත්ව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ප්‍රකාශ කළේ,  වායුසමීකරණ පද්ධතිය අක්‍රීයව පවතින බවත් ඉදිරි සතිය ඇතුළත ඊට නිසි විසදුම් ලබාදෙන බවයි.
මෙය අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමක් වේදැයි ජනතාව අවධියෙන් සිටියි.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි