යාපනයේ වෙඩි තැබීම: නීතිඥවරුන්ගේ විරෝධය


Jaffna shootout: Lawyers' protest

යාපනය මහාධිකරණ විනිසුරුවරයා අසළදී එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කර උතුරු පළාතේ නීතිඥවරුන් අද සඳුදා (ජුලි 24) අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීන්දු කර තිබේ.  එමෙන්ම වෙඩි ප්‍රහාරයට විරෝධය පළ කර උතුරු පළාතේ පෞද්ගලික බස් රථ ද ධාවනයෙන් ඉවත්ව ඇත.

මේ අතර අදාළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමු කර ජනාධිපතිවරයා රටේ සියලු විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.
එමෙන්ම විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා අදාළ වෙඩි තැබීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් වහා සිදු කරන ලෙස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
සිද්ධිය ඇතිවූ දිනට පසුදා (ජූලි 23) ට්විටර් පණිවිඩයක් නිකුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ විනිසුරු ඉලන්චෙලියන්ගේ ජීවිතය අනතුරට ලක් කෙරුණු වෙඩි තැබීම හෙළා දකින බවය. එම සිදුවීමේදී නිර්භීත පොලිස් නිලධාරීන් කළ කැප කිරීම කිසිදා අමතක කළ නොහැකි වනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ විනිසුරු ඉලන්චෙලියන්ගේ ජීවිතය අනතුරට ලක් කෙරුණු වෙඩි තැබීම හෙළා දකින බවයImage copyright
යාපනයේ නල්ලූර් කෝවිල අසල මංසන්ධියේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ තමන් ඉලක්ක කරගෙන බව යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලන්චෙලියන් අවධාරණය කරන නමුත් එය විනිසුරුවරයා ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයක් නොවන බව පොලිසිය පවසයි.

සෙනසුරාදා (ජුලි 22) සවස 5:10 ට පමණ සිය පොලිස් ආරක්ෂකයන් ද සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි විනිශ්චයකාරවරයාට වෙඩි තැබීමට කිසියම් පුද්ගලයෙකු උත්සාහ දැරූ අතර එහිදී බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා රෝහලේදී ජීවිතක්ෂයට පත්විය.

වසර දාහතක් තමන්ට ආරක්ෂාව සැපයූ පොලිස් සැරයන්වරයා වෙඩි පහරට ලක්ව මියයාම දරාගත නොහැකි වූ මහාධිකරණ විනිසුරුවරයා ඊයේ (ජූලි 23) සැරයන්වරයාගේ බිරිඳට ආචාර කොට හඬා වැළපෙන අනුවේදනීය මොහොත රූපවාහිනී දර්ශනවල සටහන්ව තිබුණි.
නිල බලය අමතක වූ මොහොතක්
වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ප්‍රධාන සැකකරු පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කොළඹ දී මාධ්‍ය අමතමින් සඳහන් කළේය.
"ඉතා බරපතල" මේ තත්ත්වය පිළිබඳව සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර දෙන මෙන් තමන් ජනාධිපතිවරයා, අධිකරණ ඇමතිවරයා, අගවිනිසුරුවරයා සහ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන බව ප්‍රහාරයෙන් අනතුරුව සෙනසුරාදා යාපනයේ දී මාධ්‍යවේදීන් අමතමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.
එහෙත් එය මහාධිකරණ විනිසුවරයා ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක් නොවන බව පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.
බීමතින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පැරණි ආරවුලක් සම්බන්ධයෙන් ‍එම ස්ථානයේ තිබූ ත්‍රීරෝද රථ නැවතුම්පොළක පිරිසක් සමග ගැටුමක් ආරම්භ කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන්, විද්‍යා යෝගේෂ්වරන් පාසල් දැරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධ නඩුව විභාග කරන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකි.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්