චන්දිමාල් වෙනස්වෙයි


Chandimal changed



ඇන්ජලෝ මැතිවුස් නායකත්වයෙන් ඉල්ලා අස් වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයන් ලෙස උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් පත්විය. උපුල් තරංගට එක්දින සහ විස්සයි විස්ස නායකත්වය හිමි වුණු අතර දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් නායකත්වය හිමි විය.
ඒ අනුව නව නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන ප්‍රථම තරගය සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන ප්‍රථම සහ එකම ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වේ. 

අද දින පන්දුවට පහර දුන් නායක දිනේෂ් චන්දිමාල්ගේ පිතිකරණ ඉරියව්වෙ වෙනසක් තිබූ බව ක්‍රීඩා විචාරකයන් පවසයි. චන්දිමාල් ක්‍රීඩා කල මුල් කාළයේ ප්‍රවේගකාරී සාර්ථක පිතිකරුවෙකු වූ අතර පසුව පුහුණුකරු මාවන් අතපත්තු විසින් ඔහුගේ පිතිකරණ ඉරියව්ව වෙනස් කළ බව ප්‍රසිද්ධ රහසකි. ඉන්පසුව දිනේෂ් චන්දිමාල්ගේ දක්ෂතාවයන් වල පසුබෑමක් සිදුවූ බව ද සංඛ්‍යාලේඛණ මගින් පැහැදිලිවේ.
කෙසේ නමුත් චන්දිමාල් අද ක්‍රීඩා කලේ ඔහුගේ මුල්ම පන්දුවට පහර දීමේ ඉරියව්වෙන් බවත් නායකත්වය සමග ඔහුට රුචි අයුරින් ක්‍රීඩා කිරීමේ නිදහසද ලැබි ඇති බව ක්‍රීඩා විචාරකයන් පවසයි. නායකයෙකු ලෙස සිය පළමු ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ චන්දිමාල් අද අර්ධ ශතකයක් වාර්තා කිරීමට ද සමත්විය..
චන්දිමාල්ගේ පිතිකරණ ඉරියව්වේ වෙනස පිළිබද ෆේස්බුක් වෙබ් අඩවියේ ක්‍රිකට් රසිකයන් අතර හුවමාරූ වූ ඡායාරූපයක් පහතින් දැක්වේ. 

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි