චාලි ඔස්ටින් යලි කරලියට


Charlie Austin again in screen



කතා බහට ලක්ව ඇති චාලි ඔස්ටින් නමැති ක්‍රීකට් ක්‍රීඩකයින් රැසකගේ පෞද්ගලික කළමනාකරු තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරය දරණ සමයේදීත් කණ්ඩායම තේරීමේදී බලපෑම් එල්ල කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.


පාර්ලිමේන්තු  මන්ත්‍රී ගාමිණී ලොකුගේ පැවසුවේ,
ඒ කාලේ ඔහොම ප්‍රශ්ණයක් කවදාවත් දකින්න ලැබුණේ නෑ. ඒ කාලේ අයි.පී.එල්. තරග වලට ලන්සුවක් තිබ්බම ඒ ලන්සුව වැඩි කර ගන්නේ ඒ කළමනාකරුවෝ කණ්ඩායම් වලට ගිහිල්ල ක්‍රීඩකයන්ගේ වටිනකම පෙන්නලා ක්‍රීඩකයන්ට වැඩි මුදලක් අරන් දෙන්න. ඉතින් එකේ කිසි වැරද්දක් නෑ මම දන්න තරමට නම්. එහෙම බලපෑමක් කරන්න බෑනේ තේරීම් කමිටුව කෙලින් කටයුතු කරනවා නම්. 
එහිදී පාර්ලිමේන්තු  මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ,
ඔය පුද්ගලයා විසින් ක්‍රීඩකයන්ට බලපෑම් කළා. යම් යම් කටයුතු කළා. ඒ වගේම ජේෂ්ඨ ක්‍රීඩකයන් බලපෑම් කළා ඔහුව කළමනාකරු හැටියට තියාගන්න කියලා. ඒ අනුව ක්‍රීඩකයන්ගේ විශාල පාලනයක් කරන්න ඔහු උත්සාහ කළා. අපේ පාලන කාලයේදී අපි එක සම්පුර්ණයෙන්ම නතර කරන්න උපදෙස් දුන්නා. දැන් ඉතින් අපිට ඒ ගැන කතා කරන්න බෑ. මගේ අවදියේදී අපි කරන්න පුළුවන් සියළු ජයග්‍රහණ ලැබුවා.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්