දළදා පෙරහැර අැරඹේ උඩරටට මහ වැසි


The Dalada Perahera is commenced; Heavy rains to Kandy


මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ 2017 ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර පස්වරු 6.54ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කෙරුණි.  මාධ්‍ය හමුවක දී දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල පැවසුවේ මෙම ඇසළ මංගල්‍යය සඳහා සොබාදහමේ ද ආශිර්වාදය ලැබී ඇති බවයි. 
ඒ් බව සනාථ කරමින් පෙරහැර අාරම්භවීමත් සමග උඩරටට මහවැසි අැදහැලුණි.

පෙරහැරේ දී කරඩුව වැඩමවීම සඳහා ඇතුන් කිහිප දෙනෙකුම සූදානම් කර සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි. 

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ පෙරහැර සදහා සෙසු අලි ඇතුන්ගේ ද හිගයක් මේ වනවිට නොමැති බව දියවඩන නිලමේවරයා කියා සිටියා. අලි ඇතුන් අනූ දෙනෙකු පමණ පෙරහැරේ ගමන් කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 
  

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි