තෙල් වර්ජනය නිමයි; පිටපස සිටි දේශපාලන හෙළුව එළියට




petroleum strike ends; Nudity out behind strike


තෙල් බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවයක් කිරීමෙන් පසු අත්‍යාවශ්‍ය සේවා සැපයීම සදහා තමන් සේවයට පැමිණෙන බව වර්ජනයේ නිරත ඛණිජ තෙල් වෘත්තීය සමිති දන්වා අැත. එ් අනුව අද දහවල් 12වනවිට ඔවුන් සේවයට පැමිණි බව වාර්තා වේ.
නමුත් එ් සදහා ගැසට් නිවේදනය නිකුත්වන්නේ පෙර දින රාත්‍රියේය. මෙයින් පැහැදිලිවන්නේ වර්ජනයට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගෙන අසාර්ථක වූ පසු මෙවැනි ක්‍රියාමාර්ගයකට පැමිණි බවයි. සරලවම කිවහොත් කන්නට අවශ්‍යවිට කබරගොයා තලගොයා කරගැනීමකි.



යෝජිත හම්බන්තොට වරාය ව්‍යාපෘතිය
අනෙක් අතට මෙම වෘත්තීය සමිති වල බලවත් ඉල්ලීම වූයේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දීය රජයට ලබාදීමත් හම්බන්තොට වරාය චීන සමාගමට ලබාදීමත් වළක්වන ලෙසයි. නමුත් නිදහසින් පසු කිසිදු අවස්ථාවක මෙම තෙල් ගබඩා සංකීර්ණයේ තෙල් ටැංකි සියයක පමණ ප්‍රමාණය කිසිදු භාවිතයකට ගෙන නොතිබුණි. මෙය ඉංග්‍රීසීන් මෙරට පාලනය කරන සමයේ ත්‍රිකුණාමලය චීන වරාය අාශ්‍රිතව ඉදිකරන ලද්දකි.




ඒ පිළබදව පසුගිය වසර හැත්තෑවක් කතා නොකළ පිරිස් හදිසියේ නින්දෙන් අැහැරුණාක් මෙන් කටයුතු කරන්නේ අැයි ද යන්න ප්‍රශ්නයකි.
චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය
එසේම පසුගිය රජය සමයේ ගාලු මුවදොර පෝට් සිටි ව්‍යාපෘතිය සදහා හෙකටයාර් ගණනක භූමියක් සින්නක්කරව චීනයට ලබාදීමට කටයුතු කරන විට, හම්බන්තොට වරාය ඉඩම් සින්නක්කරව චීනයට ලබාදීමට කටයුතු කරන විට,









ගාලු මුවදොර යුධ හමුදා මූලස්ථානය පිහිටි භූමියේ අක්කර ගණනක් ෂැන්ග්‍රීලා හෝටලය සදහා සින්නක්කරව ලබාදීමට කටයුතු කරන විට මේ වෘත්තීය සමිති නිදා සිටියේ ද යන්න තවත් ප්‍රශ්නයකි.
ඉදිවෙමින් පවතින පෝට් සිටි


එසේම මෙම වෘත්තීය සමිති නියෝජිතයන් එම ස්ථානයට පැමිණි හමුදාවට මෙසේ තර්ජනය කළ බව වාර්තාවේ. "හැබැයි අමතක කරන්න එපා..එදා ප්‍රභාකරන් මේ රටේ යුද්ධය වෙලාගෙන තියෙනකොට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියල එකක් තිබ්බේ නැත්නම් ඔතන ඉන්න වැඩි දෙනෙක් මේ වෙනකොට මැරිලා කියලා..එදා යුද්ධ කරන්න පුළුවන් උනේ මේ ඛනිජ තෙල් සංස්ථාව ආණ්ඩුව යටතේ තිබ්බ නිසයි..අපි පුලුවන්නම් කියනවා හමුදාව බැරිනම් පොලිසිය බැරිනම් ඕනෑම එකක් ඇවිල්ල හෙට උදේට එක තෙල් බවුසරයක් මෙතනින් එලියට අරන් පෙන්නන්න කියලා"  


මෙසේ හමුදා සමාජිකයන්ට තර්ජනය කිරීමට ඔවුන්ට අැති අයිතිය කුමක්ද යන්න ද බරපතල ප්‍රශ්නයකි.


ඉදිවෙමින් අැති ෂැන්ග්‍රීලා හෝටලය
මේ සියලු කරුණු පරීක්ෂාවෙන් බලන විට ජනතාවට තහවුරු වන එකම දෙයනම් ජනතාව ප්‍රතික්ෂේප කළ අැතැම් දේශපාලකයන් මේ පිටුපස අැති බවයි. එවැනි දේශපාලකයන් පිරිසකට පසුගිය කාලය පුරාම රට අස්ථාවරයැයි පෙන්වීමේ දැඩි අවශ්‍යතාවක් අැති බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මෙවැනි තුප්පහි ක්‍රියා තුළින් රටේ අාර්ථිකය විනාශ කර දේශපාලන බලය අැල්ලීමට සැරසේ නම් ජනතාව නැවත වරක් පසුගිය මැතිවරණ වල පෙන්වූ ජන බලය නැවත දේශපාලුවන්ට පෙන්වනු අැත.

වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට කිසිවකුත් විරුද්ධ නැත. එසේම රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිවීමට ද රටම සහයෝගය දක්වනු අැත. එය පුළුල් ජාතික ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොමැතිව වෘත්තීය සමිති බලයට කෑදර දේශපාලුවන් ගේ බළල් අත්වීමෙන් සිදුවන්නේ සත්‍ය ප්‍රශ්න වැලලීයාම පමණි. බොරුවට කොටි එනවායැයි කෑගසා අැත්තටම කොටියා පැමිණි දින උදව්වට කිසිවකු නැතිවනු අැත.





තෙල් බෙදාහැරීම අත්‍යාවශ්‍ය

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්