Lions lose duckworth lewis


ඩක්වර්ත් හමුවේ සිංහයන් පසුබසියි


සිම්බාබ්වේ සමග පැවති හතරවැනි එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාට අනුව කඩුළු හතරක පරාජයක් ශ්‍රී ලංකාවට අත්විය.

කාසියේ වාසිය දිනා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු හයකට ලකුණු 300ක් ලබාගත්තේය. සිම්බාබ්වේ පිල පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටින අතරවාරයේ තරගයට වර්ශාවෙන් බාධා එල්ලවිය. 
එ් හේතුව නිසා තරගය නැවත අාරම්භ කරන ලද්දේ පන්දුවාර ප්‍රමාණය සීමා කරමිනි. එ් අනුව පන්දුවාර 29 පන්දු දෙකක් තුළ කඩුළු හයකට ලකුණු 219ක් ලබාගනිමින් සිම්බාබ්වේ පිල තරගයේ ජය වාර්තා කළ අතර එ් සමගම තරගාවලිය 2ට 2ක් ලෙස සම තත්වයට පතිවය.
පස්වන සහ අවසන් එක්දින තරගය ජූලි10 දින සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි