Lions update cricket books


සිංහයෝ ක්‍රිකට් පොත් අළුත් කරති


පිට පිට තරග දෙකකදී ද්විත්ව ශතක සම්බන්ධතා පවත්වමින් නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ක්‍රිකට් වාර්තා අතරට එක්වූහ. 

අද සූරියවැව ක්‍රීඩාංගණයේ සිම්බාබ්වේ සමග තරගයේ දී මෙන්ම ජූලි 06 දින සූරියවැව ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී ද මොවුන් දෙදෙනා ද්විත්ව ශතක සම්බන්ධතා පවත්වන ලදී.
පෙර තරගයේ දී දික්වැල්ල ලකුණු 102ක් සහ ගුණතිලක ලකුණු 116ක් ලබාගනිමින් සිය මංගල එක්දින ශතක වාර්තා කළ අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකණු 229ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

අද තරගයේ දී දික්වැල්ල ලකුණු 116ක් ලබාගත් අතර ගුණතිලක ලකුණු 87ක් ලබාගනිමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 209ක සම්බන්ධතාවක් පවත්වන ලදී. 

අද කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක අැන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 තුළ කඩුළු හයකට ලකුණු 300ක් රැස්කිරීමට සමත්විය.


Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි