Mr. Rauf Hakeem; please study constitutions of Arabian countries


රවුෆ් හකීම් අැමතිතුමනි; අාරාබි රටවල සුළු ජාතීන් ගේ අාරක්ෂාවට අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල අැති කරුණු අධ්‍යයනය කරන්න


බුදු සසුන ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් සෑම විටම පෙනී සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. සකස් කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ද තමන් ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම අදහස් පල කළේ අනුරාධපුර පූජා භූමියේ අද පැවති උත්සවයකදීයි. 

නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් බුදු දහමට ඇති ප‍්‍රමුඛත්වය අහෝසි නොකරන බව අමාත්‍ය රාවුෆ් හකීම් ද පවසනවා. කෙසේ වෙතත් සෙසු ආගමිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අනු ව්‍යවස්ථාවක් ඇතුළත් කිරීමට පමණක් මේ වනවිට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 
මේ අතර බහුතර කැමැත්තට පටහැනිව ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම කිසිවිටෙකත් සිදු නොකරන බව අමාත්‍ය කබීර් හෂීම් පවසයි. අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය රාවුෆ් හකීම් මෙම අදහස් පල කළේ හෙම්මාතගම ප‍්‍රදේශයේ අද පැවති උත්සවයකදීයි. 
සවුදි අාරබිය හෝ වෙනත් කිසිදු මුස්ලිම් රටක එවැනි අනු ව්‍යවස්ථා මගින් සෙසු අාගම් වලට අාරක්ෂාව ලබා දී අැත්දැයි අමාත්‍ය රාවුෆ් හකීම් සොයාබැලිය යුතුය. එසේම මේවනතෙක් මුස්ලිම් හෝ වෙනත් කිසිදු ජාතියකට හාේ අාගමකට ඔවුන් එම අාගමේ හෝ ජාතියේවීම මත අඩු සැලකිල්ලක් අැතිවී අැත්දැයි යන්නද එතුමා ගේ කාරුණික අවධානයට යොමුවිය යුතුය.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්