The facts that need to be frozen



ශීතකරණය භාවිතයේ දී දතයුතුම කරුණු 10ක් 


1. ශීතකරණයේ දොර නිසි පරිදි වායුව පිටනොවන ලෙස වසා තබන්න.
2. ශීතකරණය අරින සහ වසන වාර ගණන හැකි තරම් අඩු කරන්න. බාහිර පරිසරයේ ඇති උණුසුම් වාතය ශිතකරණයතුළට ඇතුළු වීමෙන් ශිතකරණයේ විදුලි පරිභෝජනය වැඩිවේ.
3. ශීතකරණයේ පිටුපස කොටස සෘජු සුර්යාලෝකයේ හෝ උණුසුම් පරිසරයකින් බාහිරව ශිතකරණය තබාගන්න.
4. ශීතකරණය පිටුපස කොටසට හොඳ වාතාශ්‍රයක් ලබා දීම සඳහා ශිතකරණය හා බිත්තිය අතර අඟල් 10 ක් වත් පරතරය තබාගන්න.
5. ශීතකරණය තුළ උණූසුම් ආහාර තැබිමෙන් වළකින්න. උණුසුම් ආහාර කාමර උෂ්ණත්වයට පැමිණී පසු ශීතකරණයට දමන්න.
6. අධිශීතකරණ කුටිය තුළ ද්‍රව්‍යයන් නැති විට සිසිල්විම අඩුම මට්ටමට සීරුමාරු කරන්න. අධිශිත කිරිමට අවශ්‍ය දේවල් තිබෙන විට උෂ්ණත්ව පාලකය 40% මට්ටමට සීරුමාරු කරන්න.
7. පිසීමට අවශ්‍ය අධිශීතකරණ කුටිය තුළ ඇති ආහාර පැය 10-12 කට පමණ පෙර ඉන් ඉවතට ලෙන සාමාන්‍ය ශිතකරණ කුටියේ තබන්න. එවිට වැයවන විදුලිය අඩු වේ.
8. එළවළු, පළතුරු ආදි ආහාර පොලිතින්වල ඔතා ශීතකරණයේ අසුරන්න. දියර වර්ග වසන ලද බඳුන්වල තබන්න. එවිට ආහාර වලින් තෙතමනය මුදාහැරීම සිමාවන බැවින් විදුලි පරිභෝජනය අඩු වේ.
9. අවශ්‍යම දේ පමණක් පිළිවලට ශීතකරණයේ අසුරන්න.
10. නිවසේ අවශ්‍යතාවයට ගැළපෙන ප්‍රමාණයේ ශීතකරණයක් මිලදි ගන්න.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි

ශ්‍රී ලංකාවට උදව් කරන්න සූදානම් - කෝලි