අකිලට සුභපැතුම් ගලයි


Image result for akila dananjayaAkila greets




‘‘ඒ වෙලාවේ අපි එක් කඩුල්ලක් දැවී ලකුණු 110ක් ලබාගෙන හිටියේ.අපිට තිබුණේ ලකුණු 231 ඉලක්කයක් හඹා යන්න.ඒ වගේ වෙලාවක හැමෝටම පන්දුවට පහරදීමේ අවස්ථාවක් දෙන්නයි මට වුවමනා කළේ.මම නොම්මර 3 පිතිකරුවා ලෙස පිටියට ආවත් මට ඔහුගේ පන්දුව (අකිල ධනංජය) මිස් වෙන්න තිබුණා.ඔහු ඒ වෙලේ එතරම් හොඳට පන්දු යැව්වා...‘‘ යැයි කෝලි පවසයි...

තරඟයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින්  ඔහු මේ බව සඳහන් කළේය.
‘‘එය ක්‍රිකට් ක්‍රීඩාවේ අපූරු තරඟයක්..මට විශ්වාසයි ක්‍රීඩකයන්,ප්‍රේක්ෂකයන් බොහෝ සතුටු වෙන්න ඇති.ඒ වගේ දෙයක් එකපාරටම වුණ එකත් හොඳයි..ලකුණු 230ක් හඹායන වෙලාවකදී ශතක සම්බන්ධතා දෙකක්..කඩුලු 7ක්..ඒක පුදුමාකාරයි..මේ වගේ දේවල් ක්‍රිකට් ක්‍රීඩාවේදී හැමවෙලේම සිදුවන්නේ නැහැ 
අකිල ධනංජයේ සුපිරි පන්දු යැවීම පිළීබඳවදකෝලි මෙහිදී සඳහන් කළේය.
‘‘ඔහු හොඳ ලෙග් බ්රෙක් පන්දුවක් තියන‘ඕෆ් ස්පිනර් ‘කෙනෙක් කියලයි අපි හිතුවේ.නමුත් ඔහු අපේ කඩුලු 4ක්ම දවාගත්තේ ගුග්ලි පන්දු වලින්.ඊළඟ වතාවෙදි අපි ගොඩක් පරිස්සම් වෙනවා..නිවැරදි තැන පන්දුව පතිත කිරීම පිළිබඳ ඔහුට ගෞරවය හිමිවිය යුතුයි.. 





Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි