ශ්‍රී ලංකාවට උදව් කරන්න සූදානම් - කෝලි


Ready to help Sri Lanka - Kohli

ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ මුහුණ දී සිටින තත්වයෙන් ගොඩ ඒමට එක්දින තරඟාවලිය හා 20 විස්ස තරඟාවලිය නිමාවීමෙන් පසු අවශ්‍ය උපකාරයක් කිරීමට සූදානම් බව ඉන්දීය නායක විරාත් කෝලි පවසයි.

ඊයේ මාධ්‍ය හමුවකට එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතස් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටින තත්වයෙන් ගොඩ ඒම සඳහා විවිධ රටවල් වලින් අදහස් ලබාගත් බවත්,ඉන්දීය කණ්ඩායමෙන් ද ඒ පිළිබඳ විමසා සිටි බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වන විරාත් කෝලි පවසන්නේ එවැනි සාකච්ඡාවක් මෙතෙක් ඇති නොවූ බවයි.
දෙපිළම තරඟකාරිව සිටින මොහොතක එවැනි සාකච්ඡාවක් කිරීම ක්‍රියා පිළිවෙත නොවන බවත්, එක්දින හා 20 විස්ස තරඟාවලියෙන් අනතුරුව එසේ කළ හැකි බවත් කෝලි මෙහිදී පවසා තිබේ.
පසුගියදා දඹුලු ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කන්ඩායමට එල්ල කළ විරෝධය පිළිබඳවද කෝලි මෙහිදී අදහස් දැක්වීය.
‘‘හොඳින් ක්‍රීඩා නෙකර මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රේක්ෂකයන්ට ඉවසන්න කියන ජාතියේ කියන කෙනෙක් නෙමෙයි මම‘‘ යනුවෙන්ද කෝලි පවසයි.
එමෙන්ම කිසිදු ක්‍රීඩකයෙකු පරාජය වීමට තරඟ නොකරන බවත්, මනුෂ්‍යයන් ලෙස ඇතැම් තත්වයන් අප තේරුම් ගත යුතුව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳව කෝලි මෙහිදී අදහස් දැක්වීය.
‘‘ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ස්භාවික එකක් නොවෙයි..නමුත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කළ සේවය විශිෂ්ඨයි.පහුගිය අවුරුදු කිහිපයේ ඔවුන්  භයානක කණ්ඩායමක් වී සිටියේ ඒ නිසයි..‘‘
ඔහු හොඳින් පන්දු යවන්නේ නෑ කියලා කියන්න ඕන කෙනෙකුට පුලුවන්. නමුත් ඒක තාවකලික තත්වයක් වෙන්න පුලුවුන්.ඔහු නැවතත් යොක්ර් පන්දු යවන්න පටන් ගන්නකොට කඩුලු ගන්නකොට මේ කතා වෙනස් වෙන්න පුලුවන්...‘‘ යැයිද කෝලි පවසයි.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්