රවීට එරෙහි සටන දැඩි කරයි


Fight against Ravi is Intensifies

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායක කාර්යාලය වෙත අද(03) බාර දී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 32 කු විසින් මෙම යෝජනාවට අත්සන් තබා ඇත. බැඳුම්කර චංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව මෙම විශ්වාසභංගය ගෙන ආ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.  අත්සන් තැබූ මන්ත්‍රීවරු මෙසේය.

රවී කරුණානායක මහතාට එරෙහිව ගෙන විශ්වාසභංගයේ දී හෘද සාක්ෂියට එකගව ඡන්ද විමසිමක් තුළ එක්සත් ජාතික පක්ෂයේ සහය හිමිවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. අද(03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය.

රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ RK යන පුද්ගලයා පිළිබඳ නොදන්න බව ප‍්‍රකාශ කලත් තමන් ඒ ඔහු යැයි දන්නා බව ද මන්ත‍්‍රීවරයා කියා සිටියේය. පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරු 225 දෙනාගෙන් මුල් නමට R අකුර තිබෙන වාසගම සඳහා K අකුර ඇති එකම පුද්ගලයා රවී කරුණානායක මහතා බව ද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

තමා පෞද්ගලිකව හමුවී එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු කිහිප දෙනෙක්ම රවී කරුණානායක මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවක් සඳහා සහය පළ කළ බව ද ඔහු මෙහිදී විශේෂයෙන් කියා සිටියේය.

මේ අතර බැඳුම්කර කොමිසමේ තොරතුරු මත හෙළිවන පුද්ගලයින් පිළිබද ජනාධිපතිවරයා හා අගමැතිවරයා වහාම තීන්දුවක් ගත යුතු බව සමාජ සවිබලගැන්වීම්ල සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. අද(03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එම තොරතුරු මත ඇතැම් පුද්ගලයින්ගේ නම් මේ වන විට හෙළි වී තිබීම බරපතළ තත්ත්වයක් බවත් ආණ්ඩුවේ ගෞරවය ආරක්ෂා කිරීම සදහා මෙම තීරණය ගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එසේ නොවුන හොත් මහජනතාව වුවද කුපිත විය හැකි බව පැවසු අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ, බැඳුම්කර කොමිසමේ දී අනාවරණය වී ඇති RK යන පුද්ගලයා කවුරුන්ද යන්න මහජනතාව දන්නා කරුණක් බවයි. 

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි