ඩේටා ගිනි නිවයෙි


Data fees down


අන්තර් ජාල සේවා සඳහා පනවා තිබු සියයට 10 ක්වු විදුලි සංදේශ බද්ද එළඹෙන සැප්තැම්බර් 1 වන දා සිට සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අද(17) මුදල් අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මීට අමතරව පසුගිය වසරේ අයවැයෙන් මෙම බද්ද සියයට 15 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබූ බව ද පැවසූ අමාත්‍යවරයා අයවැය යෝජනාව ක්‍රයාත්මක නොකිරීමට හා දැනට පවතින සියයට 10 බද්ද අහෝසි කරන බව ද කියා සිටියේය.

ඒ තුළින් අන්තර් ජාල භාවිතා කරන්නන් හට සියයට 25 ක පමණ ප්‍රතිලාභ මේ තුළින් හිමි වන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම බද්ද අඩු කිරීම හේතුවෙන් දුරකථන සේවාවන් ලබා දෙන සමාගම් සමඟ සාකච්ඡා කර ඇති බවත් එම සමාගම් ද මිල ගණන් අඩු කිරීමට සිය කැමැත්ත පළ කළ බව ද සමරවීර මහතා කියා සිටියේය.

ඒ අනුව මේ තුළින් වැඩි දත්ත ප්‍රමාණයක් ජනතාවට ලබා ගත හැකි වනු ඇති බවත් මෙම ප්‍රතිලාභය පෙරගෙවුම් දුරකථන සේවාවන් සඳහා පමණක් වලංගු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි

ශ්‍රී ලංකාවට උදව් කරන්න සූදානම් - කෝලි