තිලංග පරදා අර්ජුන ලද ජය


Arjuna won by defeating Thilanga


හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව නුගේගොඩ දිසා අධිකරණයේ පවරා තිබූ අපහාස නඩුව අද(24) දින නිශ්ප්‍රභා කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයා පවසයි.

නඩු අංකය M / 4452008 යටතේ සිදු කෙරුණු මෙම නඩුව දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

2003 වසරේ මැයි මස 21 වැනි දින සිය නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා අර්ජුන රණතුංග මහතා තමන්ට අපහාස කළ බවට චෝදනා කරමින් තිලංග සුමතිපාල මහතා විසින් මෙම නඩුව 2005 වසරේ මාර්තු මස 03 වැනි දින ගොණු කර තිබිණි.

තිංලග සුමතිපාල දූෂිත චංචා පුද්ගලයකු බවත්, එවැනි දූෂිත වංචා සහගත පුද්ගලයකු සමඟ මෙරටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට තමන් එක් නොවන බවත්, තිලංග සුමතිපාලට විරුද්ධව වංචා සහගත දූෂණ චෝදනා තිබෙන බවත්, ඒවායින් සමහරක් ඔප්පු වී ඇති බවත්, තව චෝදනා යට ගසා තිබෙන බවත්, තිලංග  සුමතිපාලට විධායක බලතල තිබෙන්නේ චීන අවන්හලක බවත්, ටෙලිකොම් සභාපතිකමට තිලංග සුමතිපාල සුදුසු පුද්ගලයකු නොවන බවත් යනාදි අපහාස කියමන් සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් අර්ජුන රණතුංග මහතාගෙන් අය කර දෙන ලෙසට තිලංග සුමතිපාල මහතා ස්වකීය පැමිණිල්ලේ සඳහන් කර ඇති බව ද එම නිවේදනයේ ඇතුළත් වෙයි.

මේ සම්බන්ධ අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව දිසා අධිකරණ විනිසුරුතුමා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ නඩුව නිශ්ප්‍රභා කර ඇති බව ද සඳහන් වෙයි.

මෙම නඩුවේදී අර්ජුන රණතුංග මහතා වෙනුවෙන් පෝල් රත්නායක මහතුන්ගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුල බණ්ඩාර හේරත් මහතා හා කනිෂ්ඨ නීතිඥ ශෂිකා ද සිල්වා මහත්මිය පෙනී සිට ඇත.

පැමිණිලිකාර තිලංග සුමතිපාල මහතා වෙනුවෙන් නීතිඥ නවීන් මාරපන සහ ජනාධිපති නීතිඥ ගාමීණී මාරපන යන මහත්වරුන් පෙනී සිටින ඇත.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි