නව නාවික හමුදාපතිට රුපියල් මිලියන දහසක ඒනතරවාසි


Image result for The new Navy Commander

The new Navy Commander is in trouble

හිටපු නාවික හමුදාපතිවරුන් දෙදෙනකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රිය අද්මිරාල් උදය කීර්ති විජේබණ්ඩාර යන මහත්වරුන් ගේ කීර්ති නාමයට හානි කළා යැයි වත්මන් නාවික හමුදාපති රිය අද්මිරාල් තරස්වි සින්නයියාගෙන් රුපියල් මිලියන 500 බැගින් අය කර ගැනීමට එන්තරවාසි යවා ඇත. 


වත්මන් නාවික හමුදාපතිවරයා තමන් පිළිබද සිදු කරන ද්වේෂ සහගත චෝදනා සහ පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයන් මෙන්ම පසුගිය ජූලි මාසයේ හෝ ඊට ආසන්න වකවානුවකදී  තමන් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් අසත්‍ය හා ද්වේෂ සහගත චෝදනා සහිත ප්‍රකාෂයන් නිසා මෙසේ තමන්ගේ කීර්ති නාමයට හානි සිදු වී ඇති බවට එන්තරවාසියේ දක්වා ඇත. 

ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ පවත්වාගේන ගිය වධකාගාරයක රැදවුම් කාමර දෙකක  රදවාගෙන සිටි රැදවියන් ඝාතනය කිරීම පිළිබදව හිටපු නාවික හමුදාපතිවරුන් දෙදෙනා හා ඔවුන්ගේ කාර්ය මණ්ඩලය දැන සිටි බව කියමින් වත්මන් නාවික හමුදාපතිවරයා තමන් පිළිබද අසත්‍ය හා ද්වේෂ සහගත චෝදනාවක් කර ඇති බව එන්තරවාසියේ වැඩි දුරටත් පෙන්වා දී ඇත.

තම සේවා දායකයින්ගේ  කීර්ති නාමයට වූ හානිය සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත රුපියල් මිලියන 500 බැගින් ගෙවන ලෙසත් එසේ නොවුනහොත් නීතියානුකූලව කටයුතු කරන බවත් හිටපු නවික හමුදා පතිවරුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සමාගම නාවික හමුදාපති රිය අද්මිරාල් තරස්වි සින්නයියාට දන්වා ඇත.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි