උසස් පෙළ විෂයයන් දෙකක් කල් යයි


Image result for 2017 AL

(2017AL)Two subjects will be postponed


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සැප්තැම්බර් මස 2 දා පැවැත්වීමට නියමිත විභාග කල් දමන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව 2 දා පැවැත්වීමට නියමිත සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 02 පත්‍රය සැප්තැම්බර් මස 04 වන දිනට කල් දමන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසයි.
 
සැප්තැම්බර් මස 1දාට යෙදී තිබූ හජ් උත්සවය 2දා පැවැත්වීමට තීරණය වී ඇති බැවින් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් තමා වෙත සිදුකළ දැනුම් දීමකට අනුව මෙම පියවර ගත් බව විභාග කොමසාරිස්වරයා කියා සිටියේය.

ඒ අනුව සැප්තැම්බර් මස 2දා පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පොදු පරීක්ෂණය සැප්තැම්බර් මස 04 වන දින පෙරවරු 8.30 සිට පෙරවරු 11.00 දක්වා ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 02 පත්‍රය එදින පස්වරු 12.30 සිට පස්වරු 3.30 දක්වා ද පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සියලූම විභාග අපේක්ෂකයින්ට මේ වන විට නිකුත් කර ඇති විභාග ප්‍රවේශ පත්‍ර එදිනට ද වලංගු වන අතර මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයෙන් විමසීම් සිදුකළ හැකි බව  විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි