වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද


The final eclipse of the year today


මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය දැක බලා ගැනීමේ අවස්ථාවක් අද (07) රාත‍්‍රියේ ශ‍්‍රී ලාංකිකයන්ට උදා වී අැත.

ඒ අනුව අද රාත්‍රි 10.53 සිට පැය එකයි විනාඩි 55 ක් පමණ මෙය දර්ශනය වෙනු ඇති බවයි වාර්තා වේ. මෙහිදී චන්ද්‍රයාගෙන් සියයට 25 ක් පමණ වැසී යනු ඇති බව ද වාර්තාවේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරන්ත මහතා පවසන්නේ අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් ලෙස මෙය ශ‍්‍රී ලංකාවට ද දර්ශනය වන බවයි.  
ශ‍්‍රී ලංකාවට යළිත් පූර්ණ චන්ද්‍රග‍්‍රහණයක් දිස්වන්නේ ලබන වසරේ ජනවාරී 31 වැනිදා බව ද ඔහු මෙහිදී කියා සිටියේය.
මෙම අර්ධ චන්ද්‍රග‍්‍රහණයෙන් අනතුරුව ලබන 21 වැනිදා සූර්යග‍්‍රහණයක් සිදුවන බවයි මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් එය ශ‍්‍රී ලංකාවට දිස් නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්