පොලිතීන් අද සිට තහනම් ජනපති දැඩි ස්ථාවරයක


Image result for Polythene banned from today

Polythene banned from today President firmly 
holds the view
අද සිට තෝරාගත් පොලිතීන් නිෂ්පාදන කිහිපයක් තහනමට ලක් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ආචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.


පරිසර සුරක්ෂිත වැඩපිළිවෙළක් ලෙස මෙය ක්‍රියාවට නංවන බව ඔහු වැඩි දුරටත් පැවැසීය.
 
කෙසේ වෙතත් අද සිට පොලිතීන් තහනම් වන බවට ප්‍රකාශයට පත් වුවද එය එළඹෙන ජනවාරිය තෙක් ක්‍රියාත්මක නොවන බවට බලධාරින් දැනුම්දී ඇති බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප්‍රතිචක්‍රී කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා පැවැසීය.

මේ අතර පොලිතීන් භාවිතයෙන් ඉවත්විම සදහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

පොලිතීන් භාවිතය තහනම් කිරිමට රජය ගත් තීරණය කාලෝචිත බව කැළණිය විශ්වවිද්‍යාලයේ තිරසර විසදුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය යූ.පී.කේ ඈපා මහතා  ප්‍රකාශ කළේය.

මේ අතර අගමැතිවරයා අතුළු ඇමතිවරු කිහිපදෙනෙකු මේ සම්බන්ධයෙන් තවදුරටත් කාලයක් ලබාදිය යුතුබව ප්‍රකාශ කළත් ජනාධිපතිවරයා තහනම පිළිබදව දැඩි ස්ථාවරයක සිටින බව වාර්තාවේ.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි