වත්මන් පාලකයන්ට දේශද්‍රෝහී චෝදනා යටතේ නඩු


The current rulers are being tried under trier trials



රටට ආදරය කරන පුද්ගලයින් වශයෙන් රටේ සම්පත් විකිණීමට හා රට නිවට රාජ්‍යයක් බවට පත් කිරීමට කටයුතු කරන වත්මන් සියලු පාලකයින්ට විරුද්ධව දේශද්‍රෝහීන් යන චෝදනාව යටතේ දඬුවම් ලබා දීමට වෙනත් රජයක් යටතේ කටයුතු කරන බව අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

අද(01) රාජගිරිය ප්‍රදේශයේ පැවති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවකට එක් වෙමින් වීරසේකර මහතා මෙම අදහස් පළ කළේය.

චීනයට හම්බන්තොට වරාය ලබා දීමත් අනාගතයේ දී ඉන්දියාවට ත්‍රිකුණාමලය වරාය ලබා දීමත් තුළින් ලෝකයේ බලගතු රාජ්‍ය දෙකකට මැදිව ලංකාව නිවට රාජ්‍යයක් බවට නුදුරේ දීම පත්වන බව ද එහි වගකීම රජය බාර ගත යුතු බව ද වීරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩුවක් ගොණු කර ඇති මොහොතක වරාය ගිවිසුම අත්සන් තැබීම තුළින් විනිසුරුවන් අසීරුතාවයට පත්ව ඇති බවත් අනගත රජයක් තුළ මෙම තත්ත්වය කණපිට හරවා රට අගාධයට ගෙන යන පාලකයින්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මොහු තවදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට එක් වු ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසා සිටියේ, මෙම වසර තුළ රජය ව්‍යවස්ථා සංශෝධනයකට යන බව අගමැතිවරයා තරයේ කියා සිටිය දී ඒකාබද්ධ විපක්ෂය වැටහීමකින් තොරව හැසිරීම තුළින් ඔවුන් වක්‍රාකාරයෙන් මෙම ක්‍රියාවලියට සහය දක්වන බවයි. කෙසේ වෙතත් ඒකාබද්ධය තුළින් ජනතාව දැනුවත් කිරීමක් සිදු නොවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් පසුගිය රජය යටතේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ සරත් වීරසේකර මහතා එම රජය මගින් විවිධ අවස්ථා වල චීනයට ඉඩම් සින්නක්කර ලබා දුන් අාකාරය නොදැන සිටිය ද යන්න ගැටළුවකි.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්