මහින්දට යලි මුල් පුටුව බෑ?


MR Can't take chair again?


හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය සදහා යළි පත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ ගොනු කර ඇති නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පවසමින් ගොනු කර ඇති මූලික විරොධතා සම්බන්ධයෙන් විමසීම  අගොස්තු මස 29 දා සිදු කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කරනු ලැබීය.

මෙම පෙත්සම පවත්වාගෙන යාමට තරම් නීතිමය පදනමක් නොමැති බවත් පදනම් විරහිත චෝදනා මත මෙම නඩුව ගොනු කර ඇති බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට මූලික විරොධතා ගොනු කර තිබුණි.
මෙම මූලික විරොධතා විමසීමක් සිදු කිරීමෙන් අනතුරුව මෙම නඩුව පවත්වාගෙන යනවද නැද්ද යන්න තීන්දුවක් ලබා දෙන බව දිසා විනිසුරු සුජීව නිශ්ශංක අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය සදහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම සදහා නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභීකයින් දෙදෙනෙකු මෙම නඩුව ගොනු කර තිබුණි.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි