සැම්සුන් උරුම කරු වසර පහකට සිපිරි ගෙට


Lee Jae-yong, vice chairman of Samsung Electronics, leaves after his verdict at the Seoul Central District Court on 25 August 2017 in Seoul, South Korea

Samson's next owner goes to jail for five years

දූෂණ චෝදනාවලට වරදකරු වූ සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොංට වසර පහක සිර දඬුවමක් නියම කිරීමට දකුණු කොරියානු අධිකරණයක් නියෝග කළේය.

අල්ලස් ලබාදීම ඇතුළු තවත් චෝදනා කීපයක් මත ඔහු පසුගිය පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගැනිණි.
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට හේතුපාදක වූ අපචාර චෝදනා සම්බන්ධයෙන් ද ලී ජායේ-යොංට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක විය.
දකුණු කොරියාවේ විශාලතම ව්‍යාපාරය වන සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොං ඔහුට එරෙහිව නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි.
දේශපාලනික අනුග්‍රහය ලබාගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිනියගේ හිතවතියක විසින් පවත්වාගෙන ගිය ලාභ අරමුණු කර නොගත් පදනමකට ඩොලර් මිලියන තිස් හයක මුදලක් ලබා දී ඇති බවට ඔහුට චෝදනා එල්ල වේ.

South Korean protesters shout slogans against Samsung heir Lee Jae-Yong in front of the Seoul Central District Court in Seoul, South Korea, 25 August 2017

Image copyrightEPA
Image captionසැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොංට එරෙහිව සෝල් අගනුවර අධිකරණ භූමිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි
අල්ලස් දීම, මූල්‍ය වංචා සහ විදෙස් රටවල වත්කම් සඟවා තැබීම යන චෝදනා ද ඊට ඇතුළත්ය.
අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ලී ජායේ-යොංගේ නීතිඥයෙකු පැවසීය.
අදාළ අධිකරණ නියෝගය ලබා දීමත් සමග කොටස් වෙළෙඳපළේ සැම්සුන් කොටස් මිල 1% පහත වැටුණි

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි