සිංහයින් මවුබිමේ ලද විශාලම පරාජය සමග ලෝක කුසාලන සහභාගීත්වය අවධානමක


The World Cup is at risk with the Lion's biggest defeat


ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 05කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 04 වන තරගය ද පහසුවෙන් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 05ක් දැවී ලකුණු 375යි. ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 207කට සියලූ දෙනා දැවී ගියහ.
මේ අතර මෙම තරගයේ දී ශ‍්‍රී ලංකාව ලද පරාජය ශ‍්‍රී ලංකා කණ්ඩායමක්  මව්බිමේ පැවති එක්දින තරගයක දී ලද විශාලතම පරාජයයි. මීට පෙර 2009 වසරේ දී කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවති තරගයක දී ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේම ලකුණු 147ක පරාජයක් ලැබීය. එහෙත් ඊයේ පැවති තරගය ශ‍්‍රී ලංකාව පරාජය වූයේ ලකුණු 168කිනි.
මෙම පරාජයත් සමග 2019 ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලංකාවට ඇති අවස්ථාව ද තවදුරටත් සීමාවේ.  වත්මන් සැකැස්ම අනුව ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියකට නිතරගයෙන් සුදුසුකම් ලබන්නේ සත්කාරක රට සහ තෝරාගන්නා අවස්ථාවේදී එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින සෙසු කණ්ඩායම් 07යි. දැන් එම අවස්ථාව ලබා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සමග පැවැත්වෙන මීළග තරගය අනිවාර්යෙන් ජයගත යුතුය. එසේම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔවුන් ගේ ඉදිරි තරග හයෙන් ඒක් තරගයක් හෝ පරාජයවිය යුතුය.
දැනට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 87ක් ලබා අටවන ස්ථානයේ පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරි තරග හයම ජයගතෙහාත් ලකුණු 89ක් හිමිවන අතර ඒක් තරගයක් පරාජය වුවහොත් ලකුණු 86ක් බවට පත්වේ.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි

ශ්‍රී ලංකාවට උදව් කරන්න සූදානම් - කෝලි