විජ‍ේදාස ග‍ේ ඉරණම


Wijeyadasa's fate



සාමුහික වගකීම කඩ කරන එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ.

ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂ කෘතියාධිකාරී මණ්ඩලයට බලය ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඊයේ(17) කෘතියාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂ කෘතියාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් විය.

එහිදී විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවටත් නඩු පමා වන බවටත් එක්සත් ජාතික පක්ෂයේම මන්ත‍්‍රීවරුන් විවේචන එල්ල වන නිසා අද පැවති කෘතියාධිකාරී මණ්ඩල රැස්වීම වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ, හොරු ඇල්ලීම හා නඩු ප‍්‍රමාද වීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයට විවිධ අදහස් හා චෝදනා එල්ල වු අතර එම නිසා නීතිපතිවරයා හමුවී ඒ සම්බන්ධයෙන් එතුමාගෙන් විමසීමට තීරණයක් ගත් බවයි.

විජේදාස රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට පැවසුවේ ද යනුවෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කෘතියාධිකාරී මණ්ඩල සාමාජිකයින්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වූ බවත් පසුව කතා කර අවසානයේ දී මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර කමිටු නිර්දේශ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත්

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්