මහින්ද මෛත්‍රී ළගම


Image result for mahinda with maithree

MR next to MS




ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවස්තරය ලබන 03දා පැවැත්වීමට නියමිතය. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර කියා සිටියේ, ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මෙම සුමුළුවට ඇරයුම් කර ඇති බවය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසළ අසුනක් වෙන්කර ඇති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර එ්කාබද්ධ විපක්ෂයේ කටයුතු පිළිබදව අදහස් දැක්වූ ඒ මහතා  රතු කට්ට පැනීමට දැන් අත්‍යාසන්න වී ඇතැයි පවසයි. ඒ අනුව වෙනත් දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් යටතේ මාධ්‍ය හමු පවත්වන හෝ වෙනත් කටයුතු සිදු කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ඉදිරියේ දී සිදු වන බවයි ඔවුන් මාධ්‍ය හමුවේදී අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේය.
 “ජනාධිපති තුමා ඇතුළු අපි හැමෝම බලන්නෙ මේක කඩල වෙන් කරන්න නොවෙයි. එකතු කරගන්න. ඒ උත්සාහය එදත් දැරුව, අදත් දරණව, හෙටත් දරණව, උත්සාහය අතහැරල නැහැ තවම. දැන් ඒකෙ අවසාන මට්ටමට ඇවිත් තියෙන්නේ. රතු කට්ට පනින්න ළං වෙලා තියෙන්නෙ. දැන් අපිට ගැලවුමක් නැති වෙලා තියෙනව. වෙනත් පක්ෂවල බැනර් ගහගෙන මාධ්‍ය සාකච්ඡා පවත්වනව. ඒ පක්ෂ සඳහා සාමාජිකයින් බඳවගන්නව. ඒ අය වෙනුවෙන් තීරණයක් ගන්න වෙනව. “
 
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් පිළිබඳව ද මෙහිදී අදහස් පළවිය. ඔහු පැවසූවේ එම පක්ෂයේ පළමු දෙවන සාමාජිකයින්වත් පිරිසිදු අයදැයි බලන ලෙසය.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි