එජාපයේ හොරු නෑ-අගමැති


No thieves in UNP- Priminister 



එක්සත් ජාතික පක්ෂයේ හොරුන් සිටින බවට පරීක්ෂණ වලින් තහවුරුවුවහොත් ඔවුන් පක්ෂයෙන් ඉවත් කරන බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.
අගමැතිවරයා මේ බව කියා සිටියේ හැටන් ප්‍රදේශයේදී එක්සත් ජාතීක පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.
යහපාලන රජය හොරුන් ආරක්ෂා නොකරන බවද , එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා පැවසූවා.
කෙසේ වෙතත් එජාපයේ ප්‍රබලතම අමාත්‍යවරයෙක් වන රවී කරුණානායකට මේ වනවිට මූල්‍යමය වංචා චෝදනා එල්ලව තිබෙන අතර අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය සමග එජාප අභ්‍යන්තරය දැඩි ලෙස උණුසුම්ව ඇති බවට වාර්තා වෙනවා.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි