The lion's fight to defend dignity


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (12) ආරම්භවේ. තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි.

අද තරගයට කණ්ඩායම දෙකේම ප්‍රධාන දඟ පන්දු යවන්නන් වන රවින්ද්‍ර ජඩේජා සහ රංගන හේරත් සහභාගි වන්නේ නොවේ.
තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස ඉන්දියාව දැනටමත් ජයගෙන අවසන්. ඔවුන්ගේ අද අරමුණ වන්නේ 3ට 0ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමයි. 
අද තරගය ජය ගෙන ගෞරවය රැක ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණයි.
මේ අතර මහනුවරට මේ දිනවල කඩින් කඩ වර්ෂාවක් පැවැතියත් පෙරේදා (09දා) වනතෙක් පල්ලෙකැලේ ප්‍රදේශයට වර්ෂාවෙන් බාධා එල්ල වී නොතිබිණි. එහෙත් ඊයේ (10දා) දහවල් වරුවේදී එම ප්‍රදේශයට වර්ෂාව පතිත වී ඇති බවද වාර්තා විය.
හෙට තරගයට අදාළ ශ්‍රී ලංකා සංචිතය මෙසේය - දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග (උපනායක), ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, විෂ්ව ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, දිමුත් කරුණාරත්න, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්