ජගත් ජයසූරිය යුධ අපරාධකලා සාක්ෂි දෙන්න සූදනම්-සරත් ෆොන්සේකා


Image result for jagath jayasuriya and sarath fonseka

Jagath Jayasuriya did war crimes
Ready to give evidence- SF

මානූෂීය මෙහෙයුම් සමයේ ශ්‍රී ලංකා රජය විසින් යුද අපරාධ කර තිබෙනවාද යන්න සෙවීමට ලතින් ඇමෙරිකානු අධිකරණ පහක විශේෂ නඩු ක්‍රීයාත්මකය.

 මෙම නඩු සදහා මානූෂීය මෙහෙයුම් සමයේ සටන් බිමේ සිට හමුදාවන් මෙහෙයවූ නිළධාරියෙක් වන හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරීය මහතා චූදිතයෙක් ලෙස නම් කරඅැත. ඒ ජෙනරාල්වරයා විසින් යුද අපරාධ කර තිබෙන බවට චෝදනා කරමිනි.
කෙසේ වෙතත් මෙහිදී තමන් ජගත් ජයසූරියට එරෙහිව සාක්ෂී දීමට සුදානම් බව මානුෂීය මෙහෙයුම් සමයේ යුද හමුදාපතිව සිටි , ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා පවසයි. ඒ ඊයේ (01) ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදි ෆීල්ඩ් මාර්ෂල්වරයා කියා සිටියේ, "ජගත් ජයසූරිය කියන නිලධරියා හමුදාපති කරන්න එපා කියල මම ඉතා තරයේ මහින්ද රාජපක්ෂ එවකට හිටපු පාලකයාට මම කිවුවා. නිලධරියා 17 දෙනෙකු පමණ අත ඇරලා ඉතා කණිෂ්ට නිලධාරියෙක් වෙලා හිටපු මොහුව හමුදපති කරා. ඒ හිටපු පාලකයා සහ ආරක්ෂක ලේකම් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා. මාව හිරේ දාන්නත් ඔවුන් නායකත්වය ගත්තා. මම යුද්ධය මෙහෙයවනකොට ජගත් ජයසූරිය යම් යම් අපරාධ වල නියැලී සිටින බවට තොරතුරු ලැබුණා. මම හිතන්නේ එයා හමුදාපති වුණාට පසුවත් ඒ ක්‍රියා පිළිවෙළ එලෙසම සිඳු වුණා. ඒ අපරාධ කරපුවා ගැන මම ගාව සාක්ෂි තියෙනවා' බවයි.
තවද එම අපරාධ පිළිබද නිසි නීතිමය කි‍්‍රයාදාමයක් තුළ සාක්ෂී ලබාදීමට සූදානම් බවයි ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
"නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරොත් එතැනදී මම සාක්ෂිකරුවෙක් හැටියට ඒ අපරාධ පිලිබඳ දීර්ග ලෙස විස්තර කරනවා. ඔහු කළ අපරාධ වලට එවකට සිටි ආරක්ෂක ලේකම්, එවකට සිටි පාලකයා ඔහුන්ගේ සහයෝගය ලැබුන බවටත් මට තොරතුරු තියෙනවා"

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි