සෙරීනාට දුවක්


Image result for Daughter to Serena williams

Daughter to Serena

ලෝක ටෙනිස් ශූරිය සෙරීනා විලියම්ස් ෆ්ලොරිඩා රෝහලක දී දියණියක බිහි කරමින් පළමු වරට මවක් බවට පත් වූවාය. 

රෙඩිට් (Reddi) වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයා වන ඇලෙක්සිස් ඔහානියන් ගේ සහකාරිය වන සෙරීනා විලියම්ස් ටෙනිස් මහා තරඟ විසි තුනක් ජයග්‍රහණය කරමින් ලෝක වාර්තාවක් තැබූ ක්‍රීඩිකාවක් වන්නීය.
ගර්භනීව සිටිය දී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගත් සෙරීනා ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන ඔස්ට්‍රේලියානු තරඟාවලියට සූදානම් වෙමින් සිටින බව පසුගිය අගෝස්තු මාසයේ ප්‍රකාශ කළාය.
ටෙනිස් ක්‍රීඩා පිටියේ අනභිභවනීය වාර්තා රැසකට හිමිකම් කියන සෙරීනා මව් පදවිය ලැබීම වෙනුවෙන් ලොව පුරා ඇයගේ සහෘදයන්ගෙන් පිරිනැමෙන ශුභ පැතුම් සමාජ මාධ්‍ය ජලය ඔස්සේ සැරිසරමින් පවතී.
ඔස්ටේලියානු විවෘත තරඟාවලියේ කිරුළ. සෙරීනා තමා ගැබ්ගෙන ඇතිබව දැනගත්තේ එම තරඟයට දින දෙකක් තිබියදීයImage copyright
Image captionඔස්ටේලියානු විවෘත තරඟාවලියේ කිරුළ. සෙරීනා තමා ගැබ්ගෙන ඇතිබව දැනගත්තේ එම තරඟයට දින දෙකක් තිබියදීය
ස්පාඤ්ඤ ජාතික ලෝක ටෙනිස් ශූරයා වන රෆා නඩාල් පළමුවෙන්ම එලෙස ශුභ පැතුම් පළ කළ පිරිසට ඇතුළත් වෙයි.
සිය නැගණිය මවක් වීමේ පුවත ඇයගේ වැඩිමහල් සොයුරිය, වීනස් ට අසන්නට ලැබුණේ ඇමෙරිකානු විවෘත ටෙනිස් තරඟ මාලාවේ තරඟයක් සඳහා සහභාගී වීමට ඇය සූදානම්ව සිටියදීය.
සෙරීනා ලෝකයේ මුල්පෙළේ සෙසු ටෙනිස් ක්‍රීඩිකාවන්ට මෙන්ම වීනස් විලියම්ස්ට ද අභියෝගයකි.
'එම පුවත මගින් තමා වචනයෙන් කිව නොහැකි තරම් අහ්ලාදයට පත් වූ බව' වීනස් විලියම්ස් සඳහන් කළාය.
සෙරීනාගේ පුහුණුකරු (Patrick Mouratoglou) සිය ක්‍රීඩිකාව මවක් වීම පිළිබඳව සිය සතුට පළ කරමින් මෙසේ ලියයි.
" මම බලාපොරොත්තු තබනවා - ඔබ ඉක්මනින් සුවය ලබාවි කියල. මොකද? ඉදිරි කාලයේ අපට කරන්න වැඩ ගොඩාක් තියෙනව"
සෙරීනා සිය සහකරු ඇලෙක්සිස් ඔහානියන් සමඟ
Image captionසෙරීනා සිය සහකරු ඇලෙක්සිස් ඔහානියන් සමඟ
ඇතැමුන් කරන්නේ සිනහව ඇති කරන ප්‍රකාශයන්ය .
ස්පාඤ්ඤ ජාතික ටෙනිස් ශූරියක වන ගර්බිනේ මුගුරුසා (Garbine Muguruza) මාධ්‍ය හමුවක දී මෙසේ සඳහන් කළාය.
"ඕ ! කෙල්ලෙක් !හරිම හොඳයි. ඒත් මම හිතනවා - ඒ කෙල්ල ටෙනිස් ගහන එකක් නැහැයි කියල"

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්