පැටලුණාද? පාවාදීමක් ද?

Is it a Betrayal?



ඉන්දියාව සමග පැවති තෙවන තරඟයේදී කාසිය වාසිය දිනාගනු ලැබුවත් පන්දුවට පහරදීමට ගත් තීරණය පිළිබඳ චාමර කපුගෙදර කණ්ඩායමෙන් සමාව ඉල්ලා ඇති බව වාර්තාවේ.

මෙය ශ්‍රී ලංකාව මෙම සංචාරයේදී කාසිය වාසිය දිනාගත් පළමු අවස්ථාව වන අතර නිමාවූ ටෙස්ට් තරඟාවලියේදී මෙන්ම පළමු එක්දින තරඟ දෙකේදීත් කාසිය වාසිය දිනාගත්තේ ඉන්දියානු කණ්ඩායමයි.
කෙසේ වෙතත් දෙවනුවට පන්දුවට පහර දෙන කන්ඩායමට වාසි සහගත වන පල්ලෙකැලේ පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන්නේ මන්දැයි විචාරකයන්ගේද විමසීටමට ලක්විය.
‘‘කවුරුත් දන්නෑ ඇයි ඔහු පන්දුවට පහර දෙන්න තීරණය කළේ ඇයි කියලා‘‘ මෙසේ පවසන්නේ ක්‍රිකට් කාර්ය මණ්ඩළයේ සමාජිකයෙකි.
‘‘අපි සතුටු වුණා කාසිය වාසිය දිනාගන්න හැකිවීම ගැන..පන්දු යවන්නොත් සූදානම් වෙලා හිටියේ පන්දු යවන්න.ඒත් එකපාරටම මේක වුණා.ලකුණු හඹායෑමයි අපේ කණ්ඩායමට තියන ශක්තිය....
හැමෝම කපුගෙදරගෙන් ඇහුවා ඇයි එහෙම තීරණයක් ගත්තේ කියලා..ඒත් ඊට නිශ්චිත පිළිතුරක් ඔහු ලාබදුන්නේ නැහැ.නමුත් ඔහු සමාව ගත්තා...
කෙසේ වෙතත් කපුගෙදරගේ මෙම ක්‍රියාකලාපය සැක සහිත දැයි යැයි විමසූ විට ඔහු පැවසුවේ..‘‘මට කියන්න තියෙන්නේ මෙච්චරයි..ඔහුට පැටලෙන්න ඇති.. ඒ වෙලේ හිතාගන්න බැරිව යන්නැති මොකද කරන්නේ කියලා‘‘...
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය මේ සිද්ධිය සම්බන්ධයෙන් චාමරට දැඩිව දෝශාරෝපනය කර ඇති බවද වාර්තාවෙයි.
මෙතරම් පරිණත වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන්ට මෙවැනි පැටලීම් වැරදීම් සිදුවිය හැකිද?

Comments

Popular posts from this blog

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි