ශ්‍රීලංනිප සංවත්සරයෙන් පසු දැඩි තීරණ


Image result for slfp

Stronger decisions after the 
anniversary

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හැට හය වැනි (66) සමුළුව අද  (3 වැනිදා) පැවැත්වේ. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.  අද පැවැත්වෙන ශ්‍රීලනිප සමුළුව අතිශය තීරණාත්මක එකක්‌ වනු ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුශාසකවරයෙක්‌ ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ල.නි.ප. සියලු මන්ත්‍රීවරුන්ට හැට හයවැනි සංවත්සරයට සහභාගි වන ලෙස ආරාධනා කර තිබෙන අතර ඔවුන් සංවත්සරයට නොපැමිණියොත් මින් ඉදිරියට පක්‍ෂයේ කිසිදු නිල කටයුත්තකට ආරාධනා නොකර ඔවුන් නොසලකා හරිමින් කටයුතු කිරීමට පක්ෂය තීරණය කර ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. 
සංවත්සරය අවසන් වූ වහාම ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, රංජිත් සොයිසා, මහින්දානන්ද අළුත්ගමගේ, ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්‍ෂයේ විනය කමිටුව හමුවට කැඳවීමට නියමිත බවත් බවත් ඒ සඳහා වන තීන්දුව මේ වනවිටත් ගෙන තිබෙන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
මේ වනවිට විනය පරීක්‍ෂණ පවත්වා වැරදිකරු බවට පත්ව සිටින පුත්තලම දිස්‌ත්‍රික්‌ (ශ්‍රීලනිප) පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පක්‍ෂයෙන් ඉවත් කිරීම සංවත්සරයෙන් පසුව සිදු කිරීමටද සුදානම් බව කියවේ.

Comments

Popular posts from this blog

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්